ඊයේ (27) සවස මුල්ලේරියාව පොලිස් වසමේ සැළලිහිණි මාවත අසල දී මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 250 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 18 ක් වූ හේනවත්ත අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මුල්ලේරියාව පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
එමෙන්ම ඊයේ දිනයේම (27) අතුරුගිරිය පොලිස් වසමේ වැලිපිල්ලාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 300 ක් ද, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ කිව් පාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200 ක් ද, කිලිනොච්චිපොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 220 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද දිනයේ මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.