වයස 60 ඉක්මවූ අය භාර ගැනීමේ හැකියාවක් නොමැති බව පවසා ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ නිදන්ගත රෝග රාශියක් සහිත මවක් ආපසු නිවසට ගෙනවිත් දමා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමට නොහැකිව නිවෙස් තුළ රැඳී සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහතා සඳහන් කළා.
එලෙස රැඳීසිටින පිරිස් යම් සංකූලතා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් තම සංගමය වෙත දැනුම්දෙන ලෙස ද උපුල් රෝහණ මහතා ජනතාවට දැනුම්දෙයි.
"පසුගිය දින කිහිපයේ බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රකාශ වුණේ ධාරිතාවය ඉක්මවා ඇති බැවින් ඇතුළත් කර ගැනීමේ ගැටලු තියෙනවා කියලා. වයස 60 ඉක්මවූ අය භාර ගැනීමේ හැකියාවක් නෑ කියලා ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ නිදන්ගත රෝග රාශියක් සහිත මවක් ආපසු නිවසට ගෙනවිත් දාලා තිබුණා."
මේ අතර ඇඟලුම් කාර්මාන්තශාලා සහ එහි සේවකයින් සම්බන්ධයෙන් දැනට පවතින කොවිඩ් නීති රීති සංශෝධනය කිරීමට අවශ්‍ය පියවරගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කරනවා.
ඇඟලුම් කර්මාන්තශාලා පවතින ප්‍රදේශ හුදකලා කර තිබුණ ද එහි සේවකයින් රාජකාරී කටයුතු සඳහා ගමන් කරන බැවින් කොවිඩ් පැතිරීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ බියගම වැඩි වශයෙන් එවැනි ගැටලු වාර්තා වී ඇති බවද සඳහන් කළා.