දරුණු සුළි කුණාටුවක් මධ්‍යයේ ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙරළ තීරයේ වෙළඳ භාණ්ඩ ප්‍රවාහනට යොදාගන්නා බත්තලක් ගිලීයාමෙන් ගිලීයාමෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබේ.
ඉන්දීය නාවික හමුදාව කියා සිටියේ එම නෞකාවේ සිටි 270 දෙනාගෙන් 177 දෙනෙකු බේරාගෙන ඇති අතර දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ උත්සාහයන් අඛණ්ඩව සිදුවන බවයි.
ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට කඩා වැදුනු ටෝක්ටේ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 700 ක් පමණ රැගත් තවත් වෙළඳ භාණ්ඩ බත්තල් (බාර්ජ්) තුනක් මුහුදේ අතරමං වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සඳුදා දින සිදු වූ නායයෑමෙන් පසු ටෝක්ටේ සුළි කුණාටුව දුර්වල වූ නමුත් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විටත් කුණාටුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.