Header Ads

උණුසුම් පුවත්

ආසාදිතයෝ හයක් පනිති.


නාගොඩ මහරෝහලේ  කොරෝනා සැක සහිත නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන්  තිදෙනෙකු හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු  ඊයේ  රාත්‍රී නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් මෙසේ පැන ගොස් ඇත්තේ රෝහල් බැම්මට ඉහළින්  ඇති දැල ඉවත් කිරීමෙන් බව සඳහන් වේ.
පැනගොස් ඇති  එක් කාන්තාවක් හඳුනාගෙන ඇති අතර අනෙක් පස් දෙනා තවමත් හඳුනාගෙන නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට රෝගීන් අතර යම්කිසි නොසන්සුන්තාවයක්  ද හටගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග තවදුරටත් පවසයි