Header Ads

උණුසුම් පුවත්

අද රාත්‍රී 11 පසු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය


අද  රාත්‍රී 11.00න් පසු සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකි වේ. බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මඟින් බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමි වේ.

එමෙන්ම 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර එළවළු, පලතුරු ආදීය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.

ජංගම රථ මඟින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව අවසර හිමි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඇණවුම් මත පිසු ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ආපන ශාලාවලට අවසර හිමි වේ.

මේ අතර, තොග වශයෙන් එළවළු පලතුරු අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මැයි 24 සහ 25 දිනවල දී ද මැයි 27 සහ 28 දිනවල දීද විවෘතව තැබීමට නියමිතය.

දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන පමණක් එම දිනවල විවෘතව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.