විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවන දිරි දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව රුපියල් 38ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයට පිලියමක් ලෙස උත්සව සමයේ මෙරටට එවන විනිමය ආදායම ඉහළ දැමීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



