බටහිර රටවල් විසින් රුසියානු තෙල් මිලදී ගැනීම තහනම් කිරීමට කටයුතු කළහොත් ජර්මනිය වෙත සපයන ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමන බව රුසියාව පවසනවා.
රැසියානු නියෝජ්‍ය අගමැති ඇලැක්සැන්ඩර් නොවැක් පැවසූවේ රුසියාවේ තෙල් ප්‍රතික්ෂේප කිරීම මගින් ගෝලීය වෙළෙඳපොළ ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති අතර බොරතෙල් බැරලයක මිල ඩොලර් 300 දක්වා ඉහළ යාමට හේතුවක් විය හැකි බවයි.
එක්සත් ජනපදය සහ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියාවට දඬුවම් ලබාදීමේ ක්‍රමයක් ලෙස සම්බාධක පැනවීමට උත්සහ දරමින් සිටියි. කෙසේවෙතත් රුසියාවේ ප්‍රකාශයත් සමග ජර්මනිය සහ නෙදර්ලන්තය ඊයේ (07) යුරෝපීය ජාතීන්ගේ මෙම සැලැස්ම ප්‍රතික්ෂේප කළා.
රුසියානු සංගමයට එහි ගෑස් අවශ්‍යතාවයෙන් 40% ක් සහ තෙල් වලින් 30%ක් පමණ රුසියාවෙන් ලැබෙන අතර එම සැපයුම අඩාල වුවහොත් ඒ සඳහා වෙනත් ආදේශකයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



