විදුලිය, ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් රට පුරා හොටල්,ආපනශාලා බේකරිවලින් 60% කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රධානි අසේල සම්පත් පැවසුවේ ගෑස් නොමැතිකම හේතුවෙන් කොළඹ නගරයේ බොරැල්ල සහ මරදානේ පිහිටි ආපනශාලා, හෝටල් සහ බේකරි විශාල ප්‍රමාණයක් වසා දමා ඇති බවයි. මෙම ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියා.
මේ අතර හෝටල් හිමියන් පැවසුවේ තමා සතුව ඇති ගෑස් ප්‍රමාණවත් වන්නේ තවත් දිනකට හෝ දෙකකට පමණක් බවයි.
ගෑස් නොමැතිකම ප්‍රදේශ කිහිපයක ආදාහනාගාරවලට ද බලපා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



