පවතින විදුලි අර්බුදය හමුවේ අද (07) සිට එළඹෙන 31 වන දා දක්වා සියලු පළාත් පාලන බල ප්‍රදේශවල වීදි ලාම්පු නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම මහ ජනතාවගේ දෛනික කටයුතුවලට අවම බලපෑමක් ඇති වන අයුරින් විදුලිය සංරක්ෂණය කිරීම සඳහා විකල්ප සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසද මුදල් අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.
පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය මුළුමනින්ම අක්‍රීය වී ඇති බැවින් විදුලි උත්පාදනය සඳහා ඩීසල් බලාගාර භාවිත කිරීමට සිදුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



