මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7)විවෘත කෙරුණා.
හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිභාගයක පිහිටා ඇති මෙම නව කර්මාන්ත ශාලාව මගින් වසරකට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 04ක් නිපදවීමට අපේක්ෂා කරයි.
මුළුමනින්ම ස්වයංක්‍රීය කරන ලද නවීන තාක්ෂණික අංග රැසකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විත වන අතර එය මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමෙහි ලා විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බව විශේෂඥයන් පවසනවා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



