Header Ads

උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදෙකලා කෙරේ


දිස්ත්‍රික්ක 3කට අයතත් ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. 

මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය, මඩකලපුව, මොනරාගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 9ක්. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පලෙයි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්මඩු ග්‍රාම නිලධාරී වසම ද මේ මොහොතේ සිට හුදෙකලාකර තිබෙනවා. 

මොනරාගල දිස්ත්‍රික්කයේ කිරිවැව,සෙවනගල,බහිරව,හබරත්නවෙල,හබරුගල,මහගම,ඉඳිකොලපලැස්ස යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ. 

මේ අතර දිස්ත්‍රික්ක 8ක ග්‍රාම නිලධාරී වසම් 28ක හුදෙකලා භාවය ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරී වසම් 17ක් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

කළුතර, ගම්පහ, කෑගල්ල සහ යාපනය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 2 බැගින් ද මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත්කර තිබෙනවා. මේ අතර ගාල්ල, පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවලද එක් ග්‍රාම නිලධාරී වසම බැගින් මේ මොහොතේ සිට හුදෙකලා භාවයෙන් ඉවත්කෙරුනා.වැඩිදුර තොරතුරු පහතින්.