2009 මැයි 18 වෙනිදා තමාට හොඳට මතක දිනයක් බවත් මේ මුළු රටේ ම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමන්ගේ සතුට එදා ප්රකාශ කළ හැටි අමතක නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.
තිස් වසරක් තිස්සේ ඇදුණු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය අපේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීමේ විජයග්‍රහණයේ 12 වන සංවත්සරයට සමගාමීව පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ පවසා සිටියා.
එම ජයග්‍රහණය රටේ එක කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවන බවත් එදා ත්රස්තවාදීන් මිනිස් පළිහක් විදියට යොදා ගත්ත ලක්ෂ හතරකටත් වඩා වැඩි ප්රාණ ඇපකරුවන් පිරිසක් අපි නිදහස් කර ගත් බවත්, උතුරු නැගෙනහිර ජනතාව සරණාගතයින් ලෙස තැනින් තැනට ගිය යුගය නිමා කර දුන් බවත් ඔහු වැඩි දුරටත් මෙහිදී පවසා සිටියා.
ඒ ජයග්රහණය අපට ලබා දෙන්න දහස් ගණනක් ජීවිත දන්දුන්නා. ඇස්, මස්, ලේ, දන් දුන්නා. අත් පා අහිමි කර ගත් බව සඳහන් කළ අගමැතිවරයා අවසන් වශයෙන් පවසා සිටියේ, "එදා ත්රස්තවාදය මේ පොළොවෙන් අතුගා දැමූ දවසේ මම මේ උත්තරීතර සභාව ඇමතුවා. එදා මා කිව්වා වගේම අදටත් මට පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම," යනුවෙනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ සම්පූර්ණ කතාව පහතින්,