කොරෝනා රෝගයේ ව්‍යාප්තිය දැක්වෙන අවදානම් කලාප සිතියම අද දිනයේ දී වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කාලීන කර තිබෙනවා.
රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත්තේ දිවයිනේ අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයි.
මෙසේ රතු පැහැයෙන් වර්ණගන්වා ඇත්තේ ආසාදිතයින් සීයය (100) ඉක්මවා වාර්තා වී තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වෙයි.
අවදානම අඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර එම කොට්ඨාශ ගණන 25 කි.
කහ පැහැයෙන් වර්ණ වර්ණ ගන්වා ඇත්තේ එකදු කොරෝනා රෝගියෙක් හෝ වාර්තා වී නොමැති ප්‍රදේශ ලෙස දැක්වෙන මාන්තෙයි උතුර සහ වැලිඔය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙක පමණි.