කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට පිටතින් විසි කරන ලද පාසල් දෙකක තිබී ජංගම දුරකථන 03ක් කාන්තා අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම දුරකථන කාන්තා සනීපාරක්ශක තුවා තුළ සූක්ෂම ලෙස අසුරා බන්ධනාගාරයේ ප්‍රධාන පවුරට ඉහළින් විසි කර තිබියදී සොයා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.
බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ මේ ආකාරයට දෛනිකව පිටස්තර පුද්ගලයින් විසින් කළුතර බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකරන බවයි.
බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන්,ක්ෂේත්‍ර සේවා නිලධාරීන් හා කාන්තා නිලධාරීන්ගේ විමසිලිමත් බව නිසා දෛනිකව පිටතින් බන්ධනාගාරය තුළට විසි කරන මෙවැනි පාර්සල් රැඳවියන් අතට නොයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම තහනම් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාර දී ඇත.