පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කොළඹ කොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබෙනවා.
තෑගි භාණ්ඩ,රෙදිපිළි සහ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කොටුව දෙවන හරස් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමේ සත් ක්‍රියාවට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කොළඹ කොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියෝ ප්‍රකාශකළා.