දැනට ඇත් තත්වය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂාව ගැන ආරක්ෂක අංශ විසින් විශේෂ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත. එහිදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු පැවසුවේ තලේබාන් සංවිධානය වෙත බලය යාමත් සමග ජිහාඩ් හා අයි.එස්. සංවිධානවල සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ මෙරට අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට ක්‍රියා කරන බවය.
එමෙන්ම ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කරගත් හෙරොයින් ජාලයට සම්බන්ධවූවන් ගැනත් පසුගිය වකවානුවේදී ඇෆ්ගන් සීමාවෙන් මත්ද්‍රව්‍ය එවිමේදී මෙරටට අවි ආයුධ එවීමට පටන් ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු වී තිබේ.