යුද්ධ හමුදාව විසින් ස්ථාපනය කරන ලද සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (17) දින පෙරවරුවේ අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් නව දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් පරිත්‍යාග කරන ලදී.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මුලස්ථානයේදී හමුවූ අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානි සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්‍ෂ අනුරුද්ධ අලුවිහාරේ මහතා එම ඇඳන් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.
රට තුළ පවතින හදිසි අවශ්‍යතාවය පිළිබඳ අවධානයක් යොමුකරමින් එම ආයතනය දැක්වු දායකත්වය අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට දැඩි සත්කාර ඇඳන් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් අනුරුද්ධ අලුවිහාර මහතාට සිය ස්තූතිය පුද කළේය. මෙම පරිත්‍යාගයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමරු තිළිණයක් ද එතුමන් වෙත ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ ද සහභාගි වූහ.