ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ “මන්න කන්නා“ නමින් හඳුන්වන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුන්න තුවක්කුකරුවෙකු අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරුගේ අතට සහ හිසට වෙඩිවැදී ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩිවැදුණු පුද්ගලයා පාතාල කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ පියාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බව පොලීසිය පවසනවා.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.