ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.
පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට එම විස්තර ලබාදීමට කටයුතු කරන බවද පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
මෙම මඩ ප්‍රචාර දියත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නම්වලින් පෙනී සිටිමින් පොදුජන පෙරමුණට හා එම පක්ෂ නායකයන්ට මඩ ප්‍රහාර දියත් කිරීමට මෙම පිරිස කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ එළඹෙන මැතිවරණය ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණ පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී පක්ෂයට පහර දෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.