මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
අද (17) වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළා.
මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් ආසාධිතයින් වාර්තා වීම හේතුවෙන් එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසාදමා තිබෙනවා.
එම තත්ත්වය හේතුවෙන් මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිනි මව්වරුන් හලාවත මහ රෝහලට මාරු කිරීමට කටයුතු කර තිබෙනවා.
මාරවිල මූලික රෝහලේ අනෙකුත් වාට්ටුවල දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ව පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමුකිරීමටද කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.