ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දි රජයේ නිළධාරීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින අතරතුර වුව ද පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය උත්සාහ දරන්නේ රටේ අනාගතය සහ ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් සහිත ව බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :-
චීනයෙන් අපට ලැබුණු එන්නත් ලක්ෂ හයෙන් මේ වෙනකොට ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තිබෙනවා.තවත් ලක්ෂ දෙකක වගේ ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ එන්නත් කිරීමට කටයුතු කරනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචාරණ සීමා පනවා ඇතත් බස්නාහිර පළාතේ සෑම එම්.ඕ. ඒච් කාර්යාලයකම වෛද්‍යවරු යොදාගත් ආකාරයටම එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට පලමු මාත්‍රාව ලබා දී අවසානයි. ඉදිරි සති කිහිපය තුලදී දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයට පළමු අදියරේ සයිනොෆාම් එන්නත එක්ලක්ෂ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. දෙවැනි අදියරේත් එවැනි ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.
දැන් මේ වෙනකොට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ හතරකට පමණ එන්නත් කොට තිබෙනවා. මේ ආකාරයෙන් ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නත ඉතා කඩිනමින් ලබාදීමට රජයක් හැටියට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස 4 ඇතුළත දී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට කොවිඩ් කමිටුවේ දී සාකච්ඡා කර තීන්දු කරලා තිබෙනවා.
එන්නත ලබා දීමේදී කොවිඩ් කමිටුව හරහා නිසි ක්‍රමවේදයක් ලබාදී තිබෙනවා. මුලින්ම කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රදේශ සහ අවදානම් කලාප යනුවෙන් හඳුනා ගත් ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඊළඟට ජනාධිපති තුමාගේ විශේෂ ඉල්ලීමක් මත රාජ්‍ය සේවයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්, ඇතුළු කොවිඩ් මර්දන ව්‍යාපාරය තුල ග්‍රාමීය කමිටුවේ ජනතාවත් එක්ක ගැටෙන කණ්ඩායම් සහ ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරනවා. එම ක්‍රියාදාමය ගම්පහ දිස්ත්‍රික්කය තුල ඉතාමත් ම පිළිවෙළකට ක්‍රියාත්මක කරමින් තිබෙනවා .
ඒ වගේම ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේත් සියයට පනහකට වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදීමට. ඉදිරි සති හතර පහ ඇතුළත එම කටයුතු අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. මේ වෙනකොට සෞඛ්‍ය අංශවල උපරිම ධාරිතාවය යොදවා ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න කටයුතු කර තිබෙනවා.
මුදල් වලට එන්නත ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එවැනි චෝදනා එල්ල කරනු ලබන්නේ මානසික ආබාධයක් ඇති පුද්ගලයින් විය හැකි බවයි. පසුගිය වාරයේ එන්නත ලබා දීමේදී බොහෝ පුද්ගලයින් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් එල්ල කරනු ලැබූ අසත්‍ය තොරතුරු සහ චෝදනා ඊට හේතු වූ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.
කොවිඩ් මර්දන ව්‍යාපාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ සාකච්ඡා කිරීමට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට පක්ෂයක් වශයෙන් කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට රෝගීන්ට ඇඳන් ලබාදීම, එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම වැනි කටයුත්තකට මේ අවස්ථාවේදී සහය දෙන්නේ නම් ඉතා වැදගත් වන බවයි.