Header Ads

උණුසුම් පුවත්

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයින් 400ක්


තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 400 හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසනවා.

මෙම කම්හලේ සේවක සේවිකාවන් 2000 ක් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී සේවකයින් 400 ක ප්‍රමාණයක් ආසාදිත බවට තහවුරුවී තිබෙනවා.

මෙම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සදහන් කළා.