Header Ads

උණුසුම් පුවත්

කම්කරු අමාත්‍යංශයේ සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත


කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාව ලබාදීම සඳහා කම්කරු අමාත්‍යංශයේ සහ ඊට අයත් ආයතනවල සේවක සේවිකාවන් සියලු දෙනාට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඊයේ (19) පෙරවරුවේ නාරාහේන්පිට , මෙහෙවර පියෙස - කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරිණි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය කර තිබුණි.

කොළඹ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කෙරුණු මෙම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි.