කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවය.
දෛනික මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවය.
ඊට අමතරව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ඔහු පෙන්වාදී තිබේ.