දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර ගොවීන්ට සහන සලසන්න - හර්ෂ ද සිල්වා


කොරෝනා ව්‍යාප්තිය සමග සංචරණ සීමා පැනවීම සමග ගොවීන් දුඩි අපහසුතාවකට ලක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ශද සිල්වා මහතා සදහන් කරනවා. 

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා, "සංචරණ සීමා අස්සේ දඹුල්ලේ ගොවියන්ගේ අස්වැන්න විකුණ ගන්න මේ ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කර නැතැයි ඊයේ මා පෙන්වා දුන්විට එයට උදහස් වූ පොහොට්ටු පාක්ෂිකයින් මට චෝදනා කර තිබුණේ ගොවියන් වෙනුවෙන් අපි හැදූ වැඩපිළිවෙළ කුමක්ද කියායි. මා මේ සටහන තබන්නේ මෙරට කෘෂි කර්මාන්තයේ නව්‍ය හැරවුමක් ඇතිකිරීම වෙනුවෙන් අපි ආරම්භ කළ වැඩසටහන යළිත් මතක් කර දෙන්නයි. ගොවියා අස්වැන්න නෙළු පසු මිලක් තිබුණත් නැතත් අලෙවිකළ යුතුයි. අලෙවි කරගන්න බැරිවුණොත් විසිකරන්න වෙනවා. මේකට විසඳුම තමයි ගොවියන්ගේ අස්වැන්න ගබඩා කරන්න පුලුවන් කෘෂි ගබඩා ආරම්භ කිරීම.

මේ විප්ලවීය වෙනසට ආරම්භයක් දෙන්න තමයි මා එදා ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර තුනහ මාරක ඉඩමේ විවිධ බාධක මැද ඉදිකිරීම ආරම්භ කළේ. අපගේ රජය පරාජයට පත්වීම නිසා එහි වැඩ අවසන් කරගන්න බැරිවුණා. මේවාට දේශපාලන පක්ෂ පාට භේදයක් නෑ. කවුරු කළත් රටට යහපතක් වෙනවා. නමුත්, කණගාටුව තමයි වත්මන් රජය තවමත් මෙම ව්‍යාපෘතියේ වැඩ ඉවර කර නෑ. මෙහි පළකර තිබෙන ඡායාරූප වලින් ඒ බව පේනවා. ඡායාරූප වලින් පෙනෙන ප්‍රමාණයට විතරයි තවමත් වැඩ අවසන් කරල තියෙන්නේ. මෙහි වැඩ ඉවර කරන්න ඕන තරම් කාලය මේ ආණ්ඩුවට තිබුණා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ 2019 අප්‍රේල් මාසයේ. දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ අවුරුදු දෙකෙන් වැඩිම කාලයක් හිටියේ වත්මන් ආණ්ඩුව. අද මේ ව්‍යාපෘතිය නිමකර තිබුණා නම් දඹුල්ලේ ගොවියන්ගේ අස්වැන්න විසිකරන්න වෙන්නෙ නෑ. මෙහි එළවලු සහ පලතුරු මෙට්‍රික් ටොන් 5000 ක් ගබඩා කරන්න පුලුවන් විදිහට තමයි මෙය සැලසුම් කර තිබෙන්නේ. අපි මේ කෘෂි ගබඩා සංකීර්ණය  වගේම කෘෂි කාර්මික ප්‍රදේශවල මෙවැනි කෘෂි ගබඩා සංකීර්ණ  ජාලයක් ගොඩනැගීමට සැලසුම්  කර තිබුණා.

මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මෙහි වැඩ හැකි ඉක්මනින් අවසන් කරන ලෙසයි. මෙහි වැඩ අවසන් කර ගොවියන් වෙනුවෙන් විවෘත කිරීමට මාගේ උපරිම සහයෝගය ලබාදෙන බව මා පසුගිය කාලයේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට දැනුම් දුන්නා. ඉදිරියටත් මේ වෙනුවෙන් මාගේ උපරිම සහයෝගය අවශ්‍ය නම් මා ලබාදෙනවා. මෙය පක්ෂ දේශපාලනයෙන් තොරව බැලිය යුතු දෙයක් වන අතර කවුරු හිටියත් මෙවැනි ගැටලු නොවිසඳා අපේ රටේ කෘෂි කර්මාන්තය  දියුණු කළ නොහැකියි. ගොවියන් වෙනුවෙන් අපි මොනවද කළේ කියල අහන පොහොට්ටු ප්‍රේමීන්ටත් මෙයින් පිළිතුරක් ලැබෙනු ඇතැයි මා සිතනවා."


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර ගොවීන්ට සහන සලසන්න - හර්ෂ ද සිල්වා
දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර ගොවීන්ට සහන සලසන්න - හර්ෂ ද සිල්වා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPN0MTjN1P948PxfijHi8C5nqiM9Uzuid9AFsWnig44LF-NSDQRhpPM4gaUofMczktd3KgoUfgruQlfvD9Ql0x9pjsQPk093ly4vVY_Kba68_917bBcf37ZvodmREriqPaF76oHN01hu8/s16000/1.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPN0MTjN1P948PxfijHi8C5nqiM9Uzuid9AFsWnig44LF-NSDQRhpPM4gaUofMczktd3KgoUfgruQlfvD9Ql0x9pjsQPk093ly4vVY_Kba68_917bBcf37ZvodmREriqPaF76oHN01hu8/s72-c/1.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/dambulla-harsha%20de%20silva.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/dambulla-harsha%20de%20silva.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content