Header Ads

උණුසුම් පුවත්

2020/2021 සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට


2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ දරුවන්ගේ අයදුම්පත් අන්තර්ජාලය හරහා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සිසුන් විසින් පුරවන ලද පෝරමයේ ඡායාරූපයක් ගෙන එය අත්සන් තබා සහතික කර apply2020@UGC.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.