කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම්දීම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡාවක් කර තිබෙනවා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02හි දී අද (18) දින එම හමුව පවත්වනු ලැබුවා.
මෙහිදී අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එහි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයේ වපසරිය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීමවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් කර බෙන අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.
එම හමුව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරු එක්ව සිට ඇත.