කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ රැකියාවට යාම සදහා ජාතික හැඳුනුම්තේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය අදාළ නොවන බවයි.
රැකියා ස්ථාන කරා සමස්ථ සේවකයින්ගෙන් 25% ක් පමණක් ගෙන්වීම සඳහා ආයතන බලධාරීන්ට ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවද හමුදාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ පෞද්ගලික කාරණා වෙනුවෙන් නිවසෙන් බැහැරව යන පුද්ගලයින් සඳහා බවද එසේ ගමන් කළ හැක්කේ ආසන්නයේ පිහිටි වෙළෙඳ සලක් සඳහා බවද ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
මෙහි දී පළාත් අතර සංචරණ සීමාව ද රට පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා වූ සංචරණ සීමාව ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි
සංචරණ සීමා කඩ කරන්නන් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ සඳහා පොලීසියට උපදෙස් ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.