ඊශ්‍රායල් හා පලස්තීනය අතර මේ වන විටත් සිදුවන ගැටුම් හේතු කර ගනිමින් ස්ඩෙරොට් සහ ගාසා නගරයේ නිවාස හා ගොඩනැඟිලි රැසක් විනාශයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල් හා ගාසා තීරයේ රොකට් හා ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදු වෙමින් පවතින බවයි.
මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ නගර කේන්ද්‍ර කරගනිමින් සටන්කාමීන්ගෙන් එල්ලවූ රොකට් ප්‍රහාර ඉහළ මට්ටමක පවතින බවද ඊශ්‍රායල් හමුදාව පැවසුවා.
ගාසා තීරයේ බලධාරීන් පෙන්වාදෙන්නේ අවසන්වරට එල්ලවූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එතෙක් මෙතෙක් පැවති ගැටුමේ මාරාන්තික ප්‍රහාරය බවයි.
මැයි 16 වන ඉරිදා වන විට ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාර වලින් පුද්ගලයින් දස (10) දෙනකු මිය ගොස් ඇති අතර ගාසා තීරයේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව එකසිය දහ අටක් (118) ක්.