ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මැයි මස 21 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 790 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
නැගෙනහිර නාවික විධානය මඟින් ශර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මැයි මස 21 වන දින ත්‍රිකුණාමලය, ඇලස්ගාඩ්න් ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ කිමිදුම් මධ්‍යස්ථානයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 790 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 52 ක් වන ත්‍රිකුණාමලය, පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, අදාල සැකකරු සහ කේරල ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




