ගතවූ පැය 24ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා.
නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588ක්. මේ අතර සංචරණ සීමා අද දිනයේත් ක්‍රියාත්මක වන අතර හෙට අලුයම 4ට එය ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
අද දිනයේදීත් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමයට හෝ නිවසින් බැහැර වීමට අවස්ථාව හිමි නොවන අතර හෙට දිනයේ සිට ලබන 31 වනදා දක්වා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
ඒ අනූව හෙට (17) හැඳුනුමුපත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන අතර එහිදී ද ගමන් කළ හැකි වන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි.