Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට නැවතත් ශම්මි සිල්වා මහතා පත්වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දී තිබූ කේ. මතිවානන්, උප සභාපති ධූරය සඳහා නාම යෝජනා භාර දී තිබූ බන්දුල වර්ණපුර සහ ලේකම් ධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නිශාන්ත රණතුංග මහත්වරුන් ඉල්ලා අස්වීමත් සමග යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස ශම්මි සිල්වා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම නිතරගයෙන් ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා අද (20) යළිත් පත් වුණා.

ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී ක්‍රිකට් සභාපති තනතුර ඡන්ද විසීමකින් පත් වන අතර, අවසන් වරට මේ ආකාරයන් නිතරඟයෙන් සභාපති තනතුරට පත් වූයේ 2004 වසරේ මොහාන් ද සිල්වා මහතාය. මොහාන් ද සිල්වා මහතා අද දිනයේ ලේකම් තනතුරට නිතරඟයෙන් පත්වන අතර, ශම්මි සිල්වා පාර්ශවයට සහය දක්වන නලීන් අපොන්සු හා බන්ධුල දිසානායක මහත්වරු සිය නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම සමග ශම්මි සිල්වා මහතා ඇතුලු කණ්ඩායම මෙලෙස පත්වුණා .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව වෙත ලිපියක් නිකුත් කරමින් මතිවානන්, රණතුංහ හා වර්ණපුර යන මහත්වරුන් ඉල්ලා අස්වීම පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දුන් අතර, එම නාම යෝජනා ඉවත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද ඔන්ලයින් ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.