ලොව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සාර්ථකම විසඳුම ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය ඉදිරිපත් කර ඇති එන්නත්කරණ ක්‍රමය, විශමතා වලින් තොරව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ක්‍රියාත්මක කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීණී තලතා අතුකෝරළ මහත්මිය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඇය කියා සිටියේ තම පක්ශය වන සමගි ජන බල වේගය වසංගත කටයුතු පාලනය සඳහා නොමසුරුව දායකත්වය ලබා දෙන බවයි.
ජනතාවගේ මරණය දිනෙන් දින ළං කරමින් රජය සෞඛය අංශ නොතකා වෙනත් පුද්ගලයින්ගේ උපදෙස් අනුගමනය කරන ආකාරයක් දක්නට ඇති බව පැවසූ මන්ත්‍රීවරිය ඉදිරියේ දී රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සඳහා සෞඛ්‍ය අංශයේ ප්‍රවීණයින් වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැනි අයගේ උපදෙස් අනුගමනය කළ යුතු බව වැඩිදුරටත් පෙන්වාදෙන ලදී