පසුගිය දින හතරට රජයට කෝටි හැටදහසක පාඩුවක්.

 

ශ්‍රී ලංකාව පුරා පසුගිය දින හතර තුල ක්‍රියාත්මක කරන ලද සංචරණ තහනම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 60,000  මුදලක් පාඩු වී ඇති බව ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්  මහතා පවසයි.

සංචාරක තහනම හේතුකොට ගනිමින් දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.

රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි. මේ අනුව දිනක නිෂ්පාදිත වටිනාකම රුපියල් කෝටි4100කට අධිකය.

සංචරණ තහනම පැනවුවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ එම කාලයේදී ක්‍රියාත්මකවු හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් පන්සීයක් ලෙස ගණන් බැලිය හැකි යයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

මේ කාලසීමාවේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායම අඩුවීමෙන් ඔවුනගේ ණය ගෙවීමේ හැකියාව නැති වන බව කී රාජ්‍ය ඇමතිවරයා එයද රටේ ආර්ථිකයට විශාල ගැටළුවක් බව ප්‍රකාශ කළේය.

එසේම මේ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදු වූ බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදුවූ පාඩුවද අතිමහත් බවත් කබ්රාල් මහතා කීය.

විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදිතයන් නියමිත වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් මේ දින කිහිපයේදී ඇති වුණු බවත් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වූ විශාල පිරිසකට ද මේ කාලයේදී සිය ජීවනෝපාය අහිමිවූ බවත් ඔහු පැවසීය.

කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරිම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේදී වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ජනතාව නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ නම් කොව්ඩ් පාලනය කරගත හැකි බවත් ඒ සඳහා  වැයවන්නේ බිලියනයක පමණ මුදලක් බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ  කරන ලදී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පසුගිය දින හතරට රජයට කෝටි හැටදහසක පාඩුවක්.
පසුගිය දින හතරට රජයට කෝටි හැටදහසක පාඩුවක්.
the-government-has-incurred-a-loss-of-rs.-60-billion-for-the-last-four-days පසුගිය දින හතරට රජයට කෝටි හැටදහසක පාඩුවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifhUpkIGDLa7ubAsLOuP76JdkeYSLjuV7bFozWr5PfH5xRqfrEJdlCT9k9rZ9pX55yXRzIS8SA2QUXNCRYsp9axYz60O0HrgK-9aUIqmbHpp4uOZWCHboMtLuKfva9UztsKmZW3gRmGic/s16000/AJITH-NIVAD-CABRAL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifhUpkIGDLa7ubAsLOuP76JdkeYSLjuV7bFozWr5PfH5xRqfrEJdlCT9k9rZ9pX55yXRzIS8SA2QUXNCRYsp9axYz60O0HrgK-9aUIqmbHpp4uOZWCHboMtLuKfva9UztsKmZW3gRmGic/s72-c/AJITH-NIVAD-CABRAL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/the-government-has-incurred-a-loss-of-rs.-60-billion-for-the-last-four-days.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/the-government-has-incurred-a-loss-of-rs.-60-billion-for-the-last-four-days.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content