Header Ads

උණුසුම් පුවත්

අද සිට මැයි 28 දක්වා සංචරණ සීමා මෙහෙමයි.

අද (මැයි 21) රාත්‍රි 11.00 සිට අගහරුවාදා (25) අලුයම 04.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

මැයි 25 වැනිදා අලුයම 4.00ට සංචරණ සීමා පැය 19ක කාලයක් සඳහා ඉවත් කෙරෙනවා. එදිනම රාත්‍රී  11.00ට  යළිත් සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන අතර, එය 28 වැනිදා අලුයම 04.00 දක්වා ක්‍රියාත්මක වනවා.

මේ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරි සඳහා යන සේවකයන්ට සිය ආයතනවල ප්‍රධානියාගෙන් ලද අවසරය ඇතුළත් ලිපිය සහ රාජකාරි හැඳුනුම්පත අතැතිව ගමන් කළ හැකි වන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයටද අවසර දී තිබෙනවා.

කොවිඩ් වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හැකිතාක් නිවෙස් තුළටම වී සිටින ලෙස මෙරට ජනතාවගෙන් යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.

මේ කාල සීමාව තුළ හැඳුනුම්පත් ක්‍රමය වලංගු නොවන  අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීම සඳහා හෝ රෝගීන්ගේ ඖෂධ ගැනීමට සඳහා පමණක් ගමන්කළ හැකි බවයි නිවේදනයකර ඇත්තේ.

මේ අතර, සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමා තුළ නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක බවත් ඒ්වා කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා.

සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ දුම්රියන් සහ බස් රථ සංචරණ නීතිවලට අනුගතව සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය කිරීමට සැලසුම් කරඇති බව ද ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මාධ්‍ය වෙත පැවසුවා.