ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් හුවාවේ සමාගම විසින් ප්‍රධානය කර තිබෙනවා.
ඒ අනුව එම මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනමා ඇත.
වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවේ සමාගම අඛණ්ඩව දක්වන සහයෝගයට මෙහි දී අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසංසාව පලකර තිබේ.
හුවාවේ සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි මහතා හුවාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පස් අවුරුදු සමාජ සත්කාර වැඩසටහන මෙහිදී අග්‍රාමාත්‍යවරා වෙත හඳුන්වා දුන්නා .
සිසුන් 10 000ක පිරිසක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත්කිරීම මෙම සමාජ සත්කාර වැඩසටහනේ අරමුණයි.




