පවතින රජයේ සෞභාග්‍යයේ දැක්ම මේ වන විට අභාග්‍යයේ දැක්ම බවට පරිවර්තනය වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ එහි අහිතකර ප්‍රතිඵල මතු පරම්පරාවට විඳීමට සිදු වනු ඇති බවයි.කොරෝනා වසංගත තත්වය මේ වන විට මුලු රටම ආගාධයට ඇද දමා ඇති බවත් රජය ඒ පිළිබඳ දක්වන සැලකිල්ල ඉතා පහළ මට්ටමක පවතින බවත් ප්‍රේමදාස මහතා පවසනවා.
පවතින තත්වයෙන් රට ගොඩ ගැනීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවට රජය පැලැස්තර දමමින් සිටින අතර විවිධාකාර මිත්‍යා කටයුතු රැසක් සිදුකරමින් රටේ සම්පත් සියල්ල විකුණා දැමීමේ නියැලෙන බවත් මෙම නිවේදනයේ සඳහන් වනවා.
මේ හරහා විපක්ෂනායකවරයා රජයට යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව එක් පවුලකට මසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දීම, ලීසිං, ජල හා විදුලි සහන කඩිනමින් ලබා දීම සහ විශේෂ සහන පැකේජ හඳුන්වාදෙමින් ස්වයං රැකියාලාභීන් හා කුඩා ව්‍ය්‍යාපාර හිමියන්ට දිරි දීමද කළ යුතු බව දැක්වෙනවා.
මේ වන විට විවිධ රටවල් මඟින් ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් ලක්ෂ 13 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුනද ආණ්ඩුව තම රට වැසියන් වෙනුවෙන් මිලදීගෙන ඇත්තේ එන්නත් ලක්ෂ 5ක් පමණක් බවත් මිලියන 1700 කට අධික මුදලක් කොවිඩ් අරමුදලට ලැබී තිබියදීත් තවමත් එයින් වියදම් කර ඇත්තේ මිලියන 300 ක් පමණ බවත් මෙම නිවේදනයේ දක්වා තිබෙනවා.
වත්මන් ආණ්ඩුව තම ජනතාවගේ ජීවිත පිළිබඳව අඩු සැලකිල්ලක් දක්වන බවත් ආණ්ඩුවේ මෙම අදූරදර්ශි ක්‍රියා මත කොරෝනා නිසා අහිමිවන සෑම ජීවිතයකම වගකීම රජය ගතයුතු බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.




