ගැබිණි මවුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය්‍යාංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙහිදී නිධන්ගත රෝග සහ සංකූලතා ඇති මවුවරුන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට සකස් කරමින් තිබෙන බව වාර්තා වනවා.
කොවිඩ් ආසාදනය වීම නිසා පෙරේදා (01) දිනයේ කළුබෝවිල රෝහලේදී ගැබිණි කාන්තාවක් මිය යෑමත් සමඟ මේ වන විට ගර්භනී මවුවරුන් 7 දෙනෙකු මිය ගොස් ඇති බව වෛද්‍යවරිය ප්‍රකාශ කළා.
පවතින තත්වය යටතේ ගර්භනී කාන්තාවන්ට වැඩි බලපෑමක් ඇති විය හැකි බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන ලෙස වෛද්‍යවරිය වැඩිදුරටත් නිවේදනය කරනවා.




