ඕමාන් මුහුදු බොක්ක ආශ්‍රිතව ඇති වූ ගින්නකින් ඉරානයේ විශාලතම නාවික නෞකාව (Kharg) මුහුදුබත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් වාර්තා වී නැති අතර නැවේ එක් පද්ධතියක හට ගත් ගින්නකින් මෙම අනතුර මෙම අනතුර සිදු වී ඇති බව ඉරාන නාවික හමුදාව පවසනවා.
පැය 20 කට අධික කාලයක් ගින්න මැඩ පැවැත්වීමට එරට නාවික හමුදාව උත්සහ දරා ඇති අතර කිසිදු හානියකින් තොරව නැවේ කාර්‍ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කරගෙන තිබෙනවා.
මීට දින කිහිපයකට පෙට ජාත්‍යන්තර මුහුදු තීරයේ පුහුණු මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් ඇති මෙම නෞකාව 1977 සිට දශක 4කට වැඩි කාලයක් පුර ඉරාන නාවික හමුදාවේ පුහුණු මෙහෙයුම් සඳහා සහය දුන් බව වාර්තා වනවා.





