කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගේ නිවසටම ගොස් අධික මුදල් අයකරමින් ප්‍රතිකාර කළ බව කියන හොර වෛද්‍යවරයා හා ඔහුට සහාය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
කහපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත ව සිටින රෝගීන්ගේ නිවාස වලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කණ්ඩායමක් පිළිබඳව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබී තිබූ පැමිණිලි කිහිපයක් අනුව මෙම පුද්ගලයා සොයාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
එම පුද්ගලයන් පැමිණි බව කියන වෛද්‍ය ලාංඡනය සහිත වෑන් රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය පොලිස් බාරයට ගෙන ඇත.
ප්‍රතිකාර කිරීමට රුපියල් 11,000 - 13,000ත් අතර මුදලක් අයකර ගෙන ඇති බව වැඩි දුර පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා විදේශ රටක වෛද්‍ය උපාධිය ලැබූ බව පැවසූවත් එය සනාථ කිරීමට ඔහු සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් ඔහුට සේවය සැපයූ අනිත් පුද්ගලයා ඇඟලුම් ඇඟළුම් කම්හලක සේවය කරන පුද්ගලයෙක් බවත් අනාවරණය වී ඇත.




