මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු පළමු වරට දිස්ත්‍රික්කයකින් 1,000 ඉක්මවූ දෛනික ආසාදිතයින් ඊයේ (02) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ත වී තිබුණි.
ඒ ආසාදිතයින් 1,004 දෙනෙකු වාර්තා ලෙසයි.
ඊයේ දිනයේ මෙරටින් දෛනික ආසාදිතයින් 3,306 දෙනෙකු හඳුනාගැනුණු අතර එම ආසාදිතයින් දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා විය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 501 දෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් -19 දෙවන රැල්ල ආරම්භයෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 50,000 සේ සීමාවද ඉක්මවා ගොස් ඇත.
කළුතරින් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 104,109ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව බදුල්ල 251ක්, මාතර 167ක්, යාපනය 152ක්, අනුරාධපුරය 137ක්, රත්නපුරය 122 ක්, ගාල්ල 120ක්, කුරුණෑගල 113ක්, කෑගල්ල 105ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී ඇත.
කෙසේවෙතත් මහනුවර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් ද 100කට අඩු දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 192,547ක් දක්වා ඉහළ ගොස් ඇත.




