උපන් දවසේම බිරිඳකගේ හිසට තුවාල සිදු කොට මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වඩුක්කෝඩේ තෝල්පුරම් ප්‍රදේශයේ යුවළක් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි .
අදාළ කාන්තාව බිහි කරන ලද සිව්වැනි දරුවා මෙම දරුවා වන අතර මෙම දරු ගැබ සම්බන්ධයෙන් ස්වාමියා තුළ ඇති වූ සැකය මත නිතරම ආරවුල් ඇති වීම හේතුකොටගෙන මෙම බිලිදා මරණයට පත් කර ඇත.
කාන්තාව විසින් නිවස තුළම දරුවා බිහි කිරීමෙන් පසුව ඇතිවූ අධික රුධිර වහනය හේතුවෙන් ඇයව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැන ගැනීමට ලැබුණේ ඇය විසින් දරු ප්‍රසූතියක් සිදු කොට සිදුකොට ඇති බවයි.
මේ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ වඩු කූඩය පොලිසිය සැක කටයුතු යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට මෙම මස 15 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.




