ඉදිරි දින තුන ඇතුළත පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරත දක්වා වන දිශා වලින් හමා එයි.සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30-40පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි .
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 සිට 50-55 දක්වා වර්ධනය විය හැකි බවත් අර අපි මුත් ඒ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 සිට පැයට කිලෝ මීටර් 50-60දක්වා වර්ධනය විය හැකි බවත් මුහුදේ ස්වභාවය විටින් විට රළු විය හැකි බවත් පවසයි.
දකුණු ඉන්දියානු සාගරයේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවන අතර පැයට කිලෝ මීටර් 40-50 සිට 60-70 දක්වා වර්ධනය විය හැකි නිසා මුහුදේ රළු ස්වභාවයක් ගනියි. මේ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රලු විය හැකි නිසා නාවික ජනතාවට විමසිලිමත් ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනතුරු අඟවයි.




