වනජීවී නිලධාරීන් අද ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
පසුගියදා මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට යුද හමුදාවේ කණ්ඩායමක් විසින් බාධා කළා යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වෘර්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භකිරීමට තීරණය කර තිබෙනවා.
සිද්ධියට අදාලව මේ වනවිට දෙපාර්ශයෙන්ම පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව පවසමින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය හෙට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.




