2003 වසරේදී ප්‍රකාශයට පත් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත වසර 18ක් යනතුරු සංශෝධනය වී නොමැත.
මෙම පනත සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන් තීරණය කර ඇත්තේ වර්තමානයේ බහුලව භාවිත කරන ඔන්ලයින් භාණ්ඩ අලෙවිය හෙවත් ඊ-වාණිජ්‍ය ක්‍රියාකාරකම් නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල නොමැති බැවිනි.
අනාරක්ෂිත දෝෂ සහිත සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන ආපසු කැඳවීම, ඊ වාණිජ ගනුදෙනු නියාමනය, මාර්ගගත ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් සැකසීම, වෙළෙඳපොළ බුද්ධි තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම වැනි සංශෝධනද ඇතුළත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
පසුගිය වසර දහ අට තුළ පනත ක්‍රියාත්මක කිරීමේදී දෝෂ හා අඩුපාඩු රැසක් හඳුනා ගෙන ඇත.
පනත ආරම්භයේදී ඔන්ලයින් භාණ්ඩ අලෙවිය දේශීය වෙළෙඳපොළ තුළ නොමැති වීම නිසා නියාමන නීති රීති සකස් කර නොමැත.
කොවිඩ්-19 වසංගතය පැතිර යන කාල සීමාව තුළ පැමිණිලි රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබී ඇත. දැනට ලැබෙන පැමිණිලි පවතින නීතිරීති යටතේ විභාග කළද එය විදිමත් නොවන බව සාකච්ඡාවලදී අනාවරණය වී තිබේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




