වෙළෙඳ අමාත්‍යාංශය, යුද හමුදාව එක්ව සතොස සහන මළු බෙදාහැරීම ඇරඹේ


දිවයින පුරා පවත්නා හදිසි තත්වය මත නිරෝධායනයට ලක් කර ඇති හා හුදකලා කරන ලද ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සතොස සහන මළු බෙදාහැරීමේ වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය සිය දායකත්වය ලබා දීම අද දින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී අමාත්‍යවරයා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, සතොස සහන මල්ල සැකසීමේ සිට බෙදාහැරීම දක්වා වූ ක්‍රියාවලිය නිසි යාන්ත්‍රණයක් තුළින් ක්‍රියාත්මක කරමින් පවතින බවත්, යුද හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් යුතුව යුද හමුදාවෙන් ලබා ගත් ට්‍රක් රථ මඟින් මෙම භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු අද දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පවත්වාගෙන යනු ලබන බවයි.

ඒ අනුව නිරෝධායනයට ලක්ව නිවෙස් තුළ සිටින හා හුදකලා කරන ලද ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවට සහනදායී මිළකට ලබා දීමට සකසා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් ඇතුළත් සහන මළු බෙදාහැරීම තුළ, එම ජනතාවට අපහසුතාවයකින් තොරව මෙම සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන්ට අනුගත විය හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම සතොස සහන මල්ල සැකසීම සඳහා සතොස කාර්ය මණ්ඩලයත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් දායකත්වය සැපයූ සිවිල් ආරක්ෂක අංශයේ සියළුම නිලධාරීන්ටත්, මෙම භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා සිය දායකත්වය සපයනු ලබන යුද හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා නිලධාරීන්ටත්, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු මේ සඳහා කැප වී කටයුතු කරනු ලබන සෑම අංශයක් සඳහාත් අමාත්‍යවරයා මෙහිදී සිය විශේෂ ස්තුතිය පළ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වෙළෙඳ අමාත්‍යාංශය, යුද හමුදාව එක්ව සතොස සහන මළු බෙදාහැරීම ඇරඹේ
වෙළෙඳ අමාත්‍යාංශය, යුද හමුදාව එක්ව සතොස සහන මළු බෙදාහැරීම ඇරඹේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh26wM6mTJ2gbGch9I_0s1ckHxgtfI5zHlXX1ji7ODa1JN2FT2RU7vp9aFnFjwfJ462E82OMiHwBN4FU1mTPF6LWd4kiV-vEAFkB8h942AlmiZuKPo4ILXtz_GAlEZ3IzFZ-RRQiC781D0/s16000/23dcdda4-7f09-49ab-be9b-994b4bcb8912.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh26wM6mTJ2gbGch9I_0s1ckHxgtfI5zHlXX1ji7ODa1JN2FT2RU7vp9aFnFjwfJ462E82OMiHwBN4FU1mTPF6LWd4kiV-vEAFkB8h942AlmiZuKPo4ILXtz_GAlEZ3IzFZ-RRQiC781D0/s72-c/23dcdda4-7f09-49ab-be9b-994b4bcb8912.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/04-sathosa-army.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/04-sathosa-army.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content