කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන 8 වැනිදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුරය, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා. වයස අවුරුදු 60 ඉක්ම වූ සහ ගැබිනි මව්වරුන්ට මෙන්ම රජයේ සේවකයන්ට එහිදී ප්‍රමුඛතාව දෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියේය. බස්නාහිර පළාතෙන් පසු කුරුණෑගල, මාතර, ගාල්ල, රත්නපුර, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත් කරන වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වේ.




