අද දිනය තුල දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්. මේ අතර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.
මේ අතර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් සථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලවදී තාවකාලික තද සුළං මගින් හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ.






