ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. මේ අතර නෙෘකාවෙන් මුහුදට එක්ව වෙරළට ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ දැනට එක්රැස් කර ඇති බව, ගුවන් හමුදාව පැවසුවා. එසේම ශ්‍රී ලංකාව මුහුදු තීරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරින්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඊයේ (04) ඉදිරිපත් වුණා.
ඒ පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා ධීවරයින් පිරිසක් විසින්. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා නාරා ආයතනය මෙන්ම, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.




