ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන්ය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතකරුවෙකු ද වන සනත් ජයසූරිය ඉදිරි වසර සඳහා ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
51 හැවිරිදි සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 445කි.
සනත් පුහුණුකරු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සඳහන් කළේ තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙවැනි දක්ෂ පිතිකරුවෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවයි.




